FAST NEWS

24×7 Around the Globe

මියන්මාර් රෝගින්‍යා සරණාගතයින් ලංකාවට ආවේ මහින්දගේ කාලේ..

අපේ රටතුළ කිසිඳු විදේශියෙකුට, විදේශීය සරණාගතයෙකුට නවාතැන් පහසුකමක් මානුෂීය හේතුන් මත වෙනත් රටකට යනතෙක් ලබාදෙනවා මිස ස්ථිර පුරවැසි භාවයක් ලබාදීමට කිසිඳු තීරණයක් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය ලබාගෙන නැහැ. විදේශිකයෙකු හෝ විදේශ සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ අනිවාර්යය අනුමැතිය අත්‍යවශයයි යනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

මියන්මාර සරණාගතයින් පසුගිය අප්‍රේල් සිට මෙරට රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ ක්‍රියාදාමයකට අනුවයි. ඔවුන්ට එසේ හෝ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලය පැවරුනේ 2005.12.07 වන දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඇතිකර ගත් එකඟතාවය මතයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන්ට විවිධ රටවලින් පැමිණෙන අනාතයින් සම්බන්ධව ශ්‍රි ලංකාව තුළ ක්‍රියා කිරීමේ බලය පැවැරුණා. ලෙස හෙතෙම පෙන්වා දෙයි.