FAST NEWS

24×7 Around the Globe

තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය ෂිනවත්‍රාට වසර 05 සිර දඬුවම…

තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය යින්ග්ලුක් ෂිනවත්‍රාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) වසර 05 ක සිර දඬුවමක් පැනවු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මතභේදයට තුඩු දුන් සහල් සහනාධාර ක්‍රමවේදයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇති අතර පසුගිය (25) දිනයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් හිටපු අග්‍රාමාත්‍යවරිය එදින අධිකරණයේ පෙනී සිට නොමැති අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතීඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත.

කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය යින්ග්ලුක් ෂිනවත්‍රා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් මස 27 වන දින දක්වා කල් දමා තිබුණී.

(DE සිල්වා)