FAST NEWS

24×7 Around the Globe

දසුන් නිෂාන් ගෙල වැලලාගෙන ඇති හේතුව හෙළිවෙයි..

යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇත්තේ රංගන ශිල්පිනී ශලනී තාරකා සමග තිබූ පේ‍්‍රම සම්බන්ධතාවයකදී ඇති වූ ප‍්‍රශ්නයක් නිසා ඇති වූ සිත් තැවුලෙන් නිසා බව මරණ පරීක්‍ෂණයේදී හෙලිව ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් පලව ඇත.

ඔහුගේ මව විසින් සාක්‍ෂි දෙමින් සදහන් කර ඇත්තේ තමන් හා විවාහ වන ලෙස දසුන් විසින් ශලනි තාරකාට බල කර ඇති බවත් ශලනි තාරකා විසින් එය ප‍්‍රතික්‍ෂෙප කර ඇති නිසා සිත් තැවුලෙන් සිටි බවත්ය.

කෙසේ වෙතත් මිය ගිය දසුන් නිෂාන් පාසල් කාලයේ පටන් තිබූ 13 වසරක ප්‍රේම සම්බන්ධතාවයකින් පසු ඇය සමග විවාහ වී සිටි අයෙකු බවද හෙලිව ඇත.

මරණ පරීක්‍ෂණයේදී ඔහුගේ විවාහක බිරිදද සාක්‍ෂි දෙමින් පවසා ඇත්තේ දසුන් නිෂාන් විසින් තමනට නිතරම දික්කසාද වීමට යෝජනා කල බවත් තමන් ඇය සමග සිටිනා බවත් කියූ බවයි.