FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලා මර්කල් 04 වැනි වරටත් ජය ලබයි..

ඇය පසුගිය වසර 12 ක කාලය තුළ ජර්මනියේ පාලන බලය මෙහෙයවු චාන්සලර් ඇන්ජලා මර්කල් එරට මහ මැතිවරණයෙන් 04 වන වරටත් බලයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇයගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 33.9 % ක ප්‍රතිශතයක් හිමීකරගෙන ඇති අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 20% ක් හිමීකරගෙන තිබේ.

මෙම මැතිවරණයේ දී තුන්වෙනි තැන ලබා සිටින්නේ අන්ත දක්ෂිණාංශික මතධාරී AfD ජාතිකවාදී පක්ෂ වන අතර එම පක්ෂය ඡන්ද වලින් 13.5% ක් ලබා ඇත.

(DE සිල්වා)