FAST NEWS

24×7 Around the Globe

වගා නොකරන්නේ නම් කුඹුරු හිමියාට රුපියල් 5,000 ක දඩයක්..

යම් කුඹුරු හිමියෙකු තම කුඹුරෙහි වගා නොකරන්නේ නම්, එම කුඹුරු හිමියාට ඉදිරියේදී අක්කරයකට රුපියල් 5,000ක දඩයක් ගෙවීමට සිදුවන බව දකුණු පළාත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ යූ.ජී.ඩී. ආරියතිලක මහතා ලබුදූව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් කපුහෙම්පල  ප්‍රදේශයේ පැවැති ගොවි හමුවකදී සඳහන් කළේය.

“මේ කන්නයේදී රජය තීරණයක් අරගෙන තියෙනවා වගා කරන්න පුළුවන් හැම කුඹුරක්ම වගා කරන තත්ත්වයට පත්කරන්න. ඒ විතරක් නොවෙයි ඒ කුඹුරු හිමියාගේ කුඹුර වගා කරන්න පුළුවන් අයෙකුට කන්න පහක් වගා කරන්න බාරදෙනවා. ඉඩමේ අයිතිය නැතිවෙනවා කියලා බියක් ඇතිකරගන්න එපා.

ඉඩම් හිමියාගේ අයිතිය කෙහෙත්ම නැති වෙන්නේ නැහැ. ආධාර දෙන්නේ වගාකරන ගොවියාට. මේ  වගකීම අපට බාරගන්න වෙලා තියෙනවා. මේකට නිලධාරීන්ට බණින්න එපා. බණිනවානම්, අපට බණින්න. මේක රටේ අවශ්‍යතාවක්. කවුරු බැන්නත්, කවුරු විරුද්ධ වුණත්  මේ රටේ ආහාර සුලබ කිරීම රජයේ වගකීමක්.”

(DE සිල්වා)