FAST NEWS

24×7 Around the Globe

දසුන් නිශාන් ගෙල වැලලා ගැනීමට තැත්කල හැටි හෙළි වෙයි..

නව පරපුරේ යොවුන් රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සිය දිවි නසා ගන්නා අයුරු රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙන බව වාර්තා වේ.

පොලීසිය ප්‍රකාශ කරන්නේ අදාළ ජංගම දුරකතනයේ පටිගතව තිබූ දර්ශන වලට අනුව ඔහු දෙවරක් ගෙල වැලලා ගැනීමට තැත්කර තිබෙන බවත් එක් අවස්ථාවක ඔහු බිම ඇදවැටී ඇති බවත් අනතුරුව මිනිත්තු 5 ක් පමණ කාලයක් කල්පනා කරමින් සිටි ඔහු නැවත ටීපෝවක ආධාරයෙන් එල්ලෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙන බවත්ය. .

එමෙන්ම ඔහු සිය දිවි හානි කර ගන්නා බවට ලියා තිබූ ලිපියක් ද හමුවූ බව පොලිසීය පවසන අතර දසුන් සියදිවි නසාගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධයක් දැ‍යි සෙවීමට පොලීසිය පරීක්ෂණද අරඹා ඇත.

28 හැවිරිදි වියේ දසුන් නිශාන් පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ නිවසකදී ඊයේ(25) දින මෙලෙස ගෙලවැලලාගෙන මියගොස් තිබු අතර එම අවස්ථාවේ කිසිවෙකුත් එම නිවසේ සිට නොමැති බවත් පැවසේ.

දසුන් සිය දිවි නසා ගැනීමට හේතුවක් තවමත් පැහැදිලි වී නොමැති අතර සිය දිවි නසා ගැනීම මෙලෙස පටිගත කර තිබෙන හේතුවද තවමත් අනාවරණය වී නොමැත.