FAST NEWS

24×7 Around the Globe

සිය දියණියන්ට අතවර කළ තාත්තලා දෙන්නෙක්ට වුන දේ..

13 හැවිරිදි පාසල් දැරියන් දෙදෙනෙකු පියවරුන්ගේ ලිංගික අතවරවලට ලක්ව ඇති බවට වන සිද්ධීන් දෙකක් කළුතර- වැලිපැන්න හා දොඩම්ගොඩ පොලිස් වසම්වලින් වාර්තා වෙයි.

වැලිපන්නේ දැරියගේ මව විදේශ ගත වී සිටින බවත් ඒ අතරතුර පියාගේ ලිංගික අතවරයට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.

දොඩන්ගොඩ පදිංචි දැරියගේ මව ඇඟලුම් කම්හලක සේවය කරන බවත් පැවසේ.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරියන් දෙදෙනා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකාර පියවරුන් දෙදෙනා කළුතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව වාර්තා වෙයි.