FAST NEWS

24×7 Around the Globe

ඇගපත අමාරුව යන්න බොන්න ඕනේ..

ජනතාව තහනම් මත්පැන් භාවිතයෙන් මුදා ගැනීමට නම් කිතුල් රා නිෂ්පාදන වැඩි වැඩියෙන් සිදු කල යුතු බවත් ඒ සදහා නීතිමය ප‍්‍රතිපාදන ඇති කල යුතු බවත් ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව අමතමින් පවසයි.

අද වන විට වතුකරයේ වැඩ කරන ගැහැණු-පිරිමි සියළු දෙනා තහනම් මත්පැන් බොන බවද කී ඇමතිවරයා ඇගපත අමාරුව යන්න බොන ඔවුන්ට මත්පැන් බීම නතර කල නොහැකි බවද පැවසීය.

කෙසේ වෙතත් රජය විසින් මත්පැන් මිල අඩු කරන්නේ නම් මේ ආකාරයේ නීති විරෝධී මත්පැන් භාවිතය අඩු වනු ඇති බවත් රා නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කල යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.