FAST NEWS

24×7 Around the Globe

ලයිසන් ගන්න මානසික වෛද්‍ය වාර්තාවකුත් ඕනෙලූ..

රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහතිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද ඉදිරියේදී මානසික වෛද්‍ය වාර්තාවක් ද ලබා දීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මීට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ දිනෙන් දින සිදුවන රිය අනතුරු ප්‍රමාණය ඉහළ යාමය.

මේ පිළිබදව කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එම කෙටුම්පතටද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අයැදුම්කරුවකු මානසික රෝග වෛද්‍යවරයකුගෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය යන වගන්තියක් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.