2016 ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව දරුඵල ලැබීමේ වයසේ එනම් අවු:15-49 පසුවන කාන්තාවකට ලැබෙන දරුවන් ගණන 2.2 වන බව හෙළිව තිබේ.
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 වසරේදී දිවයින පුරා පවත්වන ලද ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයේ අවසන් වාර්තාවේ මේ බව දැක්වෙයි.
එසේම ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන් විසින් පවුල් සැලසුම් ක්‍රම භාවිතය දැනට 65%ක් පමණ වන බවත් හෙළිවී ඇත.









