FAST NEWS

24×7 Around the Globe

සරත් ෆොන්සේකාගේ පෞද්ගලික ප්‍රකාශකය ආණ්‌ඩුවේ ස්‌ථාවරය නොවේ..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ පරිද්දෙන්ම මේ රටේ කිසිදු රණවිරුවකුට ජාත්‍යන්තරයෙන් කිසිදු බලපෑමක්‌ එල්ල වීමට ඉඩ නොතබන බව විදේශ කටයුතු ඇමැති තිලක්‌ මාරපන මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

මෙරට රණවිරුවන්ව සියලු දෙස්‌ විදෙස්‌ බලපෑම්වලින් රැක ගැනීමට රජය කටයුතු කරන බවත් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

එහිදී මාරපන ඇමැතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.

“සරත් ෆොන්සේකා මහතා කර තිබෙන්නේ පෞද්ගලික ප්‍රකාශකයක්‌. එය ආණ්‌ඩුවේ ස්‌ථාවරය නොවේ. මා පෙනී සිටින්නේ ජනාධිපතිවරයාගේ ස්‌ථාවරය වෙනුවෙන්. හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට රාජ්‍ය නොවන සංවිධානයක්‌ ප්‍රකාශ කර තිබෙනවා. එය නිල ප්‍රකාශයක්‌ නොවේ.”