කිලෝ මීටර 3.2ක් දිග සාරි පොටක් සහිත ඔසරිය මනාලිය අදිමින් ඊයේ(21) මහනුවරදී තරුණ යුවලක් විවාහ වූහ.
මෙය ලොව දිගම ඔසරි පොටට හිමි ගිනස් වාර්තාව ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාස කරයි.
මෙම සාරි පොට ගෙන එනු ලැබුවේ ලොරියක පටවා වන අතර කිලෝ මීටර් 3.2ක් දුරට රදවා සිටි පාසැල් සිසු සිසුවියන් 250ක් විසින් එය අල්ලාගෙන සිටියහ.
සජිනි ප්රියංගිකා මනාලියගේ මෙම ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබුවේ ගිනස් වාර්තා නිරීක්ෂණ කමිටුවට නිරීක්ෂණය කිරීමටය.
ඡායාරූප පහතින්..


















