ඉකුතදි ක්‍රීඩා පිටියට සමුදුන් උසේන් බෝල්ට් “ට්‍රැක්ස් ඇන්ඩ් රෙකෝඩ්ස්” නමින් අවන්හල් 15ක් එංගලන්තය පුරා විවෘත කිරීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
ඔහු කොටස්කරුවකු ලෙස කටයුතු කරන ජැමෙයිකාවේ “ෆ්රැන්ජෑම්” සමාගම සමඟ එක්ව මෙම කටයුත්ත සිදු කෙරෙන බවද පැවසේ.
මෙම අවන්හල්වලින් ජැමෙයිකාවේ සුප්‍රකට ජර්ක් පෝක්, ජන්ගා සුප් සහ පෑන් චිකන් ආදී ආහාර මෙන්ම උසේන්ටම විශේෂ වූ “බර්ගර්ස් ෂ ලා උසේන්” වැනි ආහාර වර්ගවල රස බැලිය හැකි බව ඔහු මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.
(DE සිල්වා)









