FAST NEWS

24×7 Around the Globe

පොල් මිල සීඝ්‍රයෙන් ඉහළට..

වෙළඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි.

එ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75 – 85 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔවුහු පවසති.

ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 100 ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත් ව ඇති බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.

(DE සිල්වා)