FAST NEWS

24×7 Around the Globe

මෙක්සිකෝ භූකම්පනයෙන් මීයගිය සංඛ්‍යාව 140 දක්වා ඉහළට..

මෙක්සිකෝ නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (19) පස්වරුවේ රිච්ටර් මාපකයේ 7.1ක පරිමාණයකින් බලපෑ භූකම්පනයෙන් මීයගිය සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම භූකම්පනයෙන් හේතුවෙන් ගොඩනැගිලි 44ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්ය.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ හා හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

(DE සිල්වා)