FAST NEWS

24×7 Around the Globe

2017 වර්ෂයේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.0% වෙයි..

2017 වර්ෂයේ දෙවැනි කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය 4.0%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන්(2010) යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු.මිලියන 2,211,612 ක් ලෙස ඇස්තමේන්තු කොට ඇති අතර එය 2016 වර්ෂයේ දෙවැනි කාර්තුව සදහා රු.මිලියන 2,125,848 ක් විය.

ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ බදු පවත්නා මිල ගණන් යටතේ 2017 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වා ඇති දායකත්වයන් පිළිවෙලින් 8.2%ක්, 25.9%ක්, 56.6%ක් සහ 9.4%ක් ලෙස වාර්තා වේ.