FAST NEWS

24×7 Around the Globe

පැහැරගැනීමකට ලක් වූ උෂුනාලිල් ඉන්දියානු පියතුමා නිදහස් කෙරේ..

නාඳුනන තුවක්කුකරුවන් විසින් 2016 වසරේ යේමනයේදි පැහැරගනු ලැබු ටොම් උෂුනාලිල් නැමති ඉන්දියානු පියතුමා පසුගියදා නිදහස් කර ඇති බව ඕමාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ඕමාන බලධාරීන් යේමනයේ රැදී සිටින කණ්ඩායම් සමඟ සම්බන්ධතාවයන් ඇති කරගනිමින් පියතුමාව නිදහස් කර ගැනීමට විශාල දායකත්වයක් ලබාදුන් බවත් ඉදිරි දින කීපයේදී පියතුමා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බවත් කවර කණ්ඩායමක් තමන්ව පැහැර ගත්තාද යන්න ප්‍රකාශ නොකර ඇති බවත් ඕමාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

නාඳුනන තුවක්කුකරුවන් හතරදෙනෙකු පැමිණ යේමන්යේ දකුණු දිග වරාය නගරය වන ඇඩන් හි ටොම් උෂුනාලිල් පියතුමා රැදී සිටි රැකවරණ මධ්‍යස්ථානයට පහරදී එහි සිටි ඉන්දීය ජාතික කන්‍යා සොහොයුරියන් සිව්දෙනෙක්, කාර්ය මණ්ඩලයේ යේමන සේවිකාවන් දෙදෙනෙක්, රැකවරණ මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි වැඩිහිටියන් අට දෙනෙක් සහ ආරක්ෂක නියාමකවරයෙකු ඝාතනය කර පියතුමා පැහැරගෙන ගිය බව විදෙස්වාර්තා සදහන් කර තිබිණි.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

C.රොද්‍රීගු