කටාර් අගමැති මෙන්ම අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන ෂෙයික් අබ්දුල්ලා බින් නසාර්ගේ ප්‍රධානත්වයෙන් කටාර් තැපෑලට නව මුහුණුවරක් එක් වී ඇති බව වාර්තා වෙයි.
කටාර් තැපෑල වඩාත් කාර්යක්ෂම කිරීමේත්, ප්‍රචලිත කිරීමේත් අරමුණින් මෙම නව මුහුණුවර ලබා දීමට පියවර ගත්තේ යැයි දෝහාහි ෂෙරටොන් හෝටලයේ පැවැති උත්සවයේදී ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් පෙන්වා දී ඇති බවත් සදහන්ය.
කටාර් තැපැල් සේවයට නව මුහුණුවරක් එක් කිරීමට කටාර් සන්නිවේදන ඇමැති ජසීම් සයිෆ් අහ්මද් අල් සුල්තායි සහ කටාර් තැපැල්පති ෆාලේ අල් නෙයිමේගේ සංකල්පයකට අනුව තැපැල් සේවය මෙසේ නවීකරණය වුණු බව ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් පැහැදිලි කර තිබෙන බවත් වාර්තා වෙයි.
(ද පෙනින්සියුලා)









