ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ හතරවන ශ්‍රේණියේ නිලධාරීන් හය දෙනකු අගෝස්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර අධිපති තනතුරට උසස් කර ඇතැයි මහ බැංකුව නිවේදනය කර සිටියි.
මේ අනුව කේ. එම්. ඒ. එන්. දවුලගල, ස්වර්ණා ගුණරත්න, ධම්මික නානායක්කාර, ටී. එම්. ඡේ. වයි. පී. ප්‍රනාන්දු, ඡේ.පී. ආර්. කරුණාරත්න සහ කල්‍යාණි ගුණතිලක යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව සහකාර අධිපතිවරුන් ලෙස පත් කර තිබේ.
දවුලගල මහත්මිය මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් තනතුරට අමතරව මූල්‍ය සහ කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති වශයෙන් පත්ව සිටී.
ස්වර්ණා ගුණරත්න මහත්මිය ආර්ථික පර්යේෂණ සංඛ්‍යාත සහ සාර්ව විචක්ෂණතා අධ්‍යයන යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස පත්ව සිටී.
ධම්මික නානායක්කාර මහතා රාජ්‍ය ණය, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අධීක්ෂණය සහ ආරක්ෂක සේවා යන දෙපාර්තමේන්තු භාර නව සහකාර අධිපතිවරයායි.
ටී. එම්. ඡේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය විනිමය පාලන, බැංකු අධීක්ෂණ සහ නීති හා අනුකූලතා දෙපාර්තමේන්තු භාර නව සහකාර අධිපතිවරියයි.
ඡේ. පී. ආර්. කරුණාරත්න මහතා ව්‍යවහාර මුදල්, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ සහ පහසුකම් කළමනාකරණ දෙපාර්තමේන්තු භාර නව සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කරයි.
එසේම කල්‍යාණි ගුණතිලක මහත්මිය බැංකු විදුපියෙස, පුහුණු හා සංවර්ධන හා ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නව සහකාර අධිපතිවරිය ලෙසද කටයුතු කරන බව මහ බැංකු නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
(DE සිල්වා)