FAST NEWS

24×7 Around the Globe

මට පිරිමි ගණිකාව කියනවා..

තමනට අද බැණ වදින චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.

මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු, මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් කරයි.

ඔහු පැවසු ප්‍රකාශය පහතින්..

“මට බනින ශීවරදාරීන් මට කියන්නේ මොනාද පොලොංකටා කියනවා ගොංජා කියනවා බයිස්කෝප්කාරයා කියනවා ගස් වටේ දුවනවා කියනවා පිරිමි ගණිකාව කියනවා .. සිල්වත් භික්ෂූවක් පාවිච්චි කරන වචන නොවේ. මේ වස් කාලේ යන්න තහනම් පින්නපාතේ.. ඒක බුද්ධ ධර්මයේ තියෙනවා.. ඒකයි මම කිව්වේ සමහර සුළුතරයක් ඉන්නවා මුදලාලිලා කියලා. මුදලාලිලා කියන්නේ කව්ද.. සල්ලි ගණුදෙනු කරන අය.. ඉතින් ඒකේදී මුදලාලි දාන්නේ සරමද සිව්රද කියන එක නෙමෙයි ප්‍රශ්නේ.. මුදල් ගණුදෙනු කරනවා නම් ලංකාවේ කියන්නේ කණක්කුපුල්ලෛ..”