FAST NEWS

24×7 Around the Globe

සංචාරක කර්මාන්තය උදෙසා අරුගම්බේ සංවර්ධනය කෙරේ..

සංචාරක ආකර්ෂණය දිනාගත් අරුගම්බේ පුරවරය සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වා තිබේ.

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ එක් අදියරක් ලෙසයි පොතුවිල් සංචාරක පුරවරයේ පහසුකම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීමට අවධානය යොමුව ඇත.

පොතුවිල් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මෙ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

එ අනුව ප්‍රවාහන, නවාතැන්, පානීය ජලය, සෞඛ්‍ය පහසුකම්, විනෝද ක්‍රීඩා, ජීවිතාරක්‍ෂක කටයුතු සහ තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන ආකාරය පිළිබඳව සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇත.

අදාළ සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

(DE සිල්වා)