FAST NEWS

24×7 Around the Globe

අහම්බෙන් වැදුන ඡායාරූපයක් නිසා තරුණියක් ගිය දුරක්.. (ඡායාරූප)

අන්තර්ජාතික ජායාරූප ශිල්පියෙකු වන බෙලෝ විසින් ලබාගත් රැප් ගායක ටිනී ටෙම්ප්ගේ ජායාරූපයක් හේතුවෙන් දුප්පත් පාන් වෙළෙන්දියකගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇති බව විදෙස්වාර්තා පවසයි.

ටිනී ජායාරූපයට හසුකරගන්නා අවස්ථාවේ ලාගොස් නුවර වීදීයක් ඔස්සේ පාන් වට්ටියක් හිස තබාගෙන යමින් සිටි තරුණියක අහඹු ලෙස එම ජායාරූපයේ දැකගන්නට ලැබී තිබෙන අතර මෙලෙස අහඹු ජායාරූපයට හසුව ඇත්තේ 27 හැවිරිදි නයිජීරියානු ජාතික ඔලාජුමොකේ ඔරිසගුනා (Olajumoke Orisaguna) නම් තැනැත්තියයි.

එම ජායාරූපයේ තිබු අපුර්වත්වය නිසාම ඔහු එය තම සමාජ ජාල ගිණුමක පළකර ඇති අතර එම තරුණිය තුලින් දිස් වූ සුන්දරත්වය නිසාම ජායාරූපය දුටු බොහෝ දෙනා සිතා ඇත්තේ බෙලෝ විසින් හිතාමතාම ටිනීගේ ජායාරූප පසුතලයට නිරූපිකාවක් එක්කර ඇති බවයි.

මේ නිසාම ඈ පිළිබඳ බොහෝ දෙනා විමසා ඇති අතර ඊට පිළිතුරු ලබා දෙමින් බෙලෝ කියා ඇත්තේ නිරූපිකාවක් වීමට ඇය සුදුසුම තැනැත්තියක් බවත් ඒ වෙනුවෙන් අත දීමට ඉදිරිපත් වන ලෙසත්ය.

අනතුරුව ඇය සොයාගොස් ඒජන්සි හිමිකරුවන් ඇයව නිරූපණ ක්ෂේත්‍රයට එකතු කරගෙන ඇති අතර මේ වන විට ඇය ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්කම් දක්වා තිබේ.

CNN පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටින්නේ, තමන් කිසි දිනෙක මෙවන් දෙයක් තම ජිවිතයේ සිදුවේ යැයි හීනයකින්වත් නොසිතු බවත් තම නිරූපණ කටයුතු රූපවාහිනිය ඔස්සේ දැක යෙහෙළියන් සහ දෙමව්පියන් සතුටට පත් වූ බවත් ය.