FAST NEWS

24×7 Around the Globe

ධම්මීක පෙරේරා සිංගර් ශ්‍රී ලංකා මීලදි ගනියි..

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා අද (15) පෙරවරුවේ සිංගර් ශ්‍රී ලංකා සමාගම මිලට ගෙන තිබේ.

ඒ ඔහුගේ හේලීස් සමාගම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස්වලින් 71%ක් මිලදී ගනිමිනි.

ඒ සඳහා ඔහු රුපියල් බිලියන 12.5 ක් වැය කර තිබේ.

මීට අමතරව පසුගිය මාසයේදී ඔහු ශ්‍රී ලංකා ෂිපින් සමාගමද මිලට ගත්තේය.

ධම්මික පෙරේරා සමාගම් කිහිපයකම හිමිකරුවෙක් වෙන අතර රෝයල් සෙරමික් සමාගම, බැංකු දෙකක් හා මූල්‍ය ආයතන තුනක්, කැසිනෝ මෙන්ම බොහෝ ව්‍යාපාර ඔහුට හිමිය.

(DE සිල්වා)්