FAST NEWS

24×7 Around the Globe

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි..

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19 වැනි වරටත් සංවිධානය කරන ‘‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය‘‘ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද(15) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ ආරම්භ කෙරිණි.

අද සිට ලබන 24 වැනිදා තෙක් දිනපතා පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතී.

මෙවර ප්‍රදර්ශනයට දේශීය හා විදේශීය පොත් ප්‍රකාශකයන්ගේ කුටි 410ක් ඇතුළත් වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පැවසීය.

(DE සිල්වා)