FAST NEWS

24×7 Around the Globe

අරුන්දික ආණ්ඩුව පෙරළන හැටි කියයි..

වත්මන් ආණ්ඩුව පෙරළීම සඳහා කටයුතු කරන ඕනෑම කණ්ඩායමකට සිය සහාය පළ කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

නැවතත් මේ ආණ්ඩුවේ තනතුරු දැරීමේ අදහසක් නැති බවත් මේ ආණ්ඩුව පෙරළීමට කළ හැකි සෑම දෙයක්ම කරන බවත් ජනාධිපතිවරයාට පවා දැනුම් දුන් බවත් මන්තී‍්‍රවරයා අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට මේ ආණ්ඩුව පෙරළිමේ හැකියාව ඇතැයි යන ස්ථාවරයේ සිටින හෙයින් මීළඟ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඔහු ජයග‍්‍රහණය කරවීම සඳහා උත්සාහ දරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන්ට මෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ටද මේ වනවිට මේ ආණ්ඩුව පෙරළා දමා තම තමන්ගේ ආණ්ඩු නිර්මාණය කර ගැනීමේ වුවමනාව ඇතිව තිබෙන බවද ඒ මහතා සදහන් කළේය.