FAST NEWS

24×7 Around the Globe

ඉරාකයේ ත්‍රස්ත ප්‍රහාරවලින් 74 ක් මරුට..

ඉරාකයේ දික්හාර් පළාතේ නසිරියා නගරය ආසන්නයේ ඊයේ (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර දෙකකින් එරට පුද්ගලයන් 74 දෙනෙකු පමණ මියගොස් පුද්ගලයින් 90 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

නසිරියා නගරය ආසන්නයේ පිහිටි ආපන ශාලාවකට එල්වු වෙඩි ප්‍රහාරයකින් හා ආරක්ෂක මුර පොලකට එල්ලවු මෝටර් රථ බෝම්බයක් මගින් මෙම හානි සිදුව තිබේ.

‍ෙෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන එම ප්‍රදේශයට අයි.එස් සටන්කාමින් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව ඉරාක ආරක්ෂක අංශ සඳහන් කරන බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)