FAST NEWS

24×7 Around the Globe

මැලේසියාවේ පාසලක ගින්නකින් 25 ක් මරුට..

මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර ආගමික පාසලක ඇති වූ ගින්නකින් සිසුන් ඇතුලු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට විදෙස් වාර්තා

සිසුන් 23 දෙනෙකු හා ගුරුවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව වුවන් අතර වේ

එසේම තවත් බොහෝ පිරිසක් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද වාර්තා වේ.

පාසලේ නේවාසිකාගාරයේ නිදන කාමර ආශ්‍රිත ප්‍රදේශයෙන් ගින්න හටගෙන ඇති බව සදහන් ය.

එය මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් යෙදවීමට පියවර ගෙන ඇති බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටියේය.

(DE සිල්වා)