FAST NEWS

24×7 Around the Globe

OPPO වෙතින් නව ජංගම දුරකථන මාදිලි පෙළක් හඳුන්වා දීමට සැලසුම් කෙරේ..

ලොව ප්‍රමුඛතම තාක්ෂණ සන්නාමයක් වන OPPO වෙතින් නව ජංගම දුරකථන මාදිලි පෙළක් ළඟදීම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

Octa-core CPU සමග 3G RAM සහ 3000mAH බැටරියක් සහිත මෙය ඉදිරියේදී නිල වශයෙන් මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත අතර මෙහි ඇතුළත් ‘ Octa-core’ වර්ගයේ ප්‍රොසෙසරය නිසා එහි ක්‍රියාකාරීත්වය වඩාත් වේගවත් හා කාර්යක්ෂම වී තිබේ.

එළඹෙන සැප්තැම්බර් මස 19 වන දින මෙය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් දියත් කිරීමට නියමිත වන අතර, මෙම දුරකථන දිවයින පුරා විසිරුණු අලෙවිසැල් වලින් මිලදීගත හැකිය.