FAST NEWS

24×7 Around the Globe

ඉඩම් හිමිකම් නැති පවුල් 15,000කට ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ..

ඉඩම් හිමිකම් නොමැති පවුල් 15,000ක් සදහා ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනම් කර තිබේ.

මහවැලි බී කලාපයේ පවුල් සදහා මෙසේ ඉඩම් ලබා දීමට අවශ්‍ය තොරතුරු රැස් කිරීමේ ජංගම සේවයක් දිඹුලාගල මහවැලි කොට්ඨාශ කාර්යාලයේදී පසුගියදා පැවැත්වුණි.

පොළොන්නරු දිස්ත්‍රික්කයට අයත් මහවැලි බී කලාපයේ ඉඩම් නොමැති පවුල් සදහා ඉඩම් ලබා දීමත්, ඔප්පු නැති පවුල් සදහා ඔප්පු ලබා දීමත් මෙහි අරමුණ වන අතර මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා මෙම විශේෂ වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.