FAST NEWS

24×7 Around the Globe

හම සුදු පාට කරගන්න හදන කාන්තාවන්ට චිත්‍ර ප්‍රදර්ශනයක්.. (වීඩියෝ)

දකුණු ආසියාවේ ජනතාවට ආවේණික වුවත් වැඩි පිළිගැනීමක් නැතිව අගතියට මුහුණ දෙන කාලවර්ණ චර්ම වර්ණය සම්බන්ධ කතිකාව වර්ණවත් කරන චිත්‍ර ප්‍රදර්ශනයක් ඊසාන දිග එංගලන්තයේ නිව්කාසල් සරසවි පුරයේ පැවැත්වෙන බව වාර්තා වේ.

‘පීපල්ස් තියටර්’ කලාගාරයේ සැප්තැම්බර් 7 වැනිදා එලි දුටු ජයමිණි ද සිල්වාගේ කළු හමින් උපන් (Born with a Darker Tan) ඔක්තෝබර් 27 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බව සදහන්ය.

“දාස් ගණන් වියදම් කර හම සුදු පාට කරගන්න හදන” රටක කාන්තාවන්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලුව තම සිතුවම් ඔස්සේ විවරණය කෙරෙන බව ජයමිණි පැවසුවාය.

වීඩියෝව පහතින්..