තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් ජනපි‍්‍රය පාසල්වල ගුරු දිනය සැමරීම සඳහා සිසුන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කරන බව දෙමව්පියන් පවසති.
අධ්‍යාපන ඇමැතිවරයා විසින් පාසල්වල කිසිදු කටයුත්තක් සදහා මුදල් එකතු කිරීම තහනම් කර තිබියදී මෙසේ මුදල් එකතු කරන්නේ කාගේ අවශ්‍යතාවන් මතදැයි තමන්ට ගැටලූවක් පවතින බව මොවුහු පවසති.
ඉහළ ශ්‍රේණිවල සිසුන් ලවා මෙය සිදු කරන බවත් විදුල්පතිවරුන් මේ බව දැන දැන නොදන්නාසේ සිටින බවත් අධ්‍යාපන බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් ඔවුන්ගේ අදහසයි.









