FAST NEWS

24×7 Around the Globe

මරාගෙන මැරෙන බෝම්බයකින් සනත් නූලෙන් බේරෙයි..

ඊයේ(13) දිනයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් නිසා ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය අනූ නවයෙන් බේරීමේ පුවතක් වාර්තා වෙයි.

මෙම බෝම්බ පිපිරීම නිසා පුද්ගලයන් සිවුදෙනෙක් මරණයට පත්ව කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.

සනත් ජයසුරිය හා ග්‍රෙහැම් ලැබ්‍රෝයි මෙම ක‍්‍රීඩා පිටියේ ඊයේ(13) දින උදේ වරුවේ රැදී සිටියද බෝම්බය පිපිරෙන අවස්ථාවේ එම ස්ථානයේ සිට නොමැති බවද පැවසෙයි.