FAST NEWS

24×7 Around the Globe

මැලේසියාවේ පාසලක ඇති වූ ගින්නකින් සිසුන් ඇතුලු 25 දෙනෙකු ජීවිතක්ෂයට..

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පාසලක අද(14) උදෑසන ඇතිවූ ගින්නකින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිසුන් 23 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ඒ අතර සිටින බවත් හා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්ය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ගින්නට කොටුවීමෙන් විස දුම ආඝ්‍රහණය වීම හේතුවෙන් මෙම පිරිස මියයන්නට ඇති බවටයි.

C.රොද්‍රීගු