FAST NEWS

24×7 Around the Globe

‘මොකද වුණේ ?’ එළිදකියි..

පසුගිය වසරේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වුණු ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්, සිය අත්දැකීම් ඇසුරින් රචනා කළ ‘මොකද වුණේ ?’ කෘතිය පසුගිය දා එළිදැක්වූ බව වාර්තා විය.

පොත එළිදැක්වීම සිදුවූයේ නිව්යෝක් නුවර යූනියන් චතුරස්‍රයේ ‘බාන්ස් ඇන්ඩ් නෙබෙල්’ ශ්‍රවණාගාරයේදී බවත් 2016 ජනපතිවරණයට ඉදිරිපත් වීම, ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුවුණු ආකාරය ඇතුළු සිදුවීම් ගණනාවක තොරතුරු මෙම කෘතියට ඇතුළත් වෙන බවත් හිලරි ක්ලින්ටන් කියා ඇති බව සදහන්ය.

කවුරුත් පුදුමයට පත් කරමින්, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත් වූයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේත් රුසියානු රජයේත් සහාය ඔහුට ලැබුණු නිසා යැයි ‘මොකද වුණේ ?’ කෘතිය හරහා හිලරි ක්ලින්ටන් චෝදනා කරන බවත් පැවසේ.

(ඒ.එෆ්.පී.)