FAST NEWS

24×7 Around the Globe

අරුන්දිකට ඇමතිධූරය අහිමි වීමට හේතුව මහින්ද කියයි..

ආණ්ඩුවේ සිටිමින් පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට මධ්‍යම කාරක සභාව ගන්නා විනය ක්‍රියාමාර්ගවලට නතුවීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අරුන්දික ප්‍රනාන්දු මහතාට අමාත්‍ය ධුරය අහිමිවීමටද මෙම කාරණා බලපෑ බවත්, ප්‍රතිපත්ති විවේචනය කරන සාමාජිකයන්ගේ සාමාජිකත්වය පිළිබඳවද මධ්‍යම කාරක සභාවට තීන්දු ගතහැකි බවත් අද (13) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.