FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාවෙන් ඇමරිකාවට යළි අනතුරු අැඟවීම්..

ඉදිරියේදී ඇමරිකාවට බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි උතුරු කොරියාව අනතුරු අඟවා තිබේ.

6 වන විශාලතම න්‍යෂ්ටික පිපිරවීම සිදුකිරීමෙන් අනතුරුව ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ(12) උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවූ අතර, උතුරු කොරියාව මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

නව සම්බාධකවලට අනුව, උතුරු කොරියාවට ඛනිජ තෙල් මෙන්ම, ඇඟලුම් නිෂ්පාදන ද අපනයනය කිරීම තහනම් කර තිබේ.

 

C.රොද්‍රීගු