FAST NEWS

24×7 Around the Globe

තිසරටත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක්..

පාකිස්තානය තුළ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආරක්ෂාව ජාත්‍යන්තරයට පෙන්වීම සඳහා පාකිස්තාන කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 තරග තුනක් මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙයි.

එම තරගාවලිය වෙනුවෙන් ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා තරග කරයි.

තරගාවලිය වෙනුවෙන් පාකිස්තානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 -3.0 ක මුදලක් වෙන්කර ඇති අතර එහිදී ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 100000 (රුපියල් ලක්ෂ 154) ගෙවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව තිසරටද ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් හිමිවෙනු ඇති අතර එම තරග තුනෙන් ඊයේ (12) පැවැති පළමු තරගයේ ජය පාකිස්තාන කණ්ඩායම හිමිකරගත්තේය.