FAST NEWS

24×7 Around the Globe

ලාහෝර් නුවර ආරක්ෂාව දැඩි කරයි..

පාකිස්ථානය සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර අද(12) ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය හේතුවෙන් ලාහෝර් නුවර ආරක්ෂාව දැඩි කර තිබේ.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්ථානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 8 කට පසුවය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට පළමු තරගය ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර, එහි ආරක්ෂාව සදහා 8000 කට ආසන්න පොලිස් බල ඇණියක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම, එහි දැක්වෙන්නේ ක්‍රීඩකයින් රැඳී සිටින හෝටල් අවට මාර්ග රැසක් ද වසා දමා ඇති බවයි.

 

C.රොද්‍රීගු