ලොව වෙසෙන සරණගත දරුවන්ගෙන් අඩක් පාසල් නොයන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ සංවිධානය ප්‍රකාශ කරයි.
දැනට සරණාගත දරුවන් මිලියන 3.5කට ප්‍රමාණයක් පාසල් නොයන බව එම සංවිධානය තවදුරටත් පෙන්වා දෙන අතර මෙම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ශක්තිමත් සහ අඛණ්ඩව අරමුදල් යෙදවීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කළ බව ද සංවිධානය අවධාරණය කරයි.
පෙර වසරේ සංඛ්‍යා දත්ත හා සැසඳීමේදී මේ වසරේදී යම් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද එම වාර්තාව කියන අතර මීට පෙර වාර්තාවට අනුව මිලියන 3.7ක් පාසල් ගොස් නැති නමුත් එය නවතම වාර්තාවට අනුව මිලියන 3.5ක් දක්වා අඩු වී ඇති බව සදහන්ය.
(ඒ.එෆ්.පී)
C.රොද්‍රීගු









