ඊද් උත්සවය වෙනුවෙන් ලබා දී ඇති නිවාඩු දිනයන්හි නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නිවේදන සේවා සැපයුම්කරුවන් තීරණය කර ඇතැයි පැවැසෙයි.
එම සමාගම් විසින් සිය සේවය නොමිලේ සපයන බවට මේ වනවිට නිවේදනය කර ඇති අතර ඒ අනුව අරාබි එමිර් රාජ්‍යයේ මහල් සංකීර්ණ, ආපනශාලා හා කැෆේ, උද්‍යාන වැනි සියලු ස්ථාන ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකමක් ලබා ගැනීමට එරට වැසියන්ට අවස්ථාව හිමිවෙනු ඇත.
C.රොද්‍රීගු









