FAST NEWS

24×7 Around the Globe

නිල ඇඳුමක් ඇන්ද පමණින් රණවිරුවකු වෙන්නේ නෑ..

කිරිබත්ගොඩ නගරයේ පැවැති ජන හමුවකදී ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ තම අදහස් දක්වනු ලැබීය.

‘මා යටතේ නිලධාරීන් ලක්ෂ දෙකක් හිටියා. ඒ අය අතරෙ ජගත් ජයසූරිය වගේ නිලධාරීනුත් ඉන්න ඇති. එහෙත් හමුදාපතිවරයා වගකිවයුත්තේ හමුදාව සාමූහිකව සිදු කරන නීත්‍යනුකූල වැඩවලට පමණයි.

මේ නිලධාරියා යුද අපරාධ කළ අයෙක්. ඔහු යටතට පත් අයට ඔහු අමානුෂික අන්දමට සැලකූ බව මා හොඳින්ම දන්නවා. ඝාතනය කළ බවත් දන්නවා. රජය හා මැති ඇමැතිවරු ජනතා නියෝජිතයන් ලෙස වගකීමෙන් රටේ ජනතාවට සත්‍ය පෙන්වා දිය යුතුයි.

නිල ඇඳුමක් ඇන්ද පමණින් රණවිරුවකු වෙන්නේ නැහැ. වැරැදි වහන එක නොවේ රජයේ වගකීම. ජනතාවට සාධාරණය ඉටු කිරීමයි. මෙවැනි එක්කෙනෙක් දෙන්නෙක්ගේ ක්‍රියාවෙන් ලක්ෂ දෙකකට වැඩි හමුදාව අපකීර්තියට පත් වෙනවා.

යුද්ධයෙන් රට බේරා ගත් මට දේශද්‍රෝහියා යැයි කියන අය යුද්ධ කාලයේ අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් එහාට ගිහින් නැහැ. අද දවසේ මිනිසුන් නිදහසේ හුස්ම ගන්නෙත් මාධ්‍යවේදීන් නිදහසේ රැකියාව කරන්නෙත් මා යුද්ධය නිමා කළ නිසා‘