FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකා ඉදිරියට ඇවිත් ඇත්ත හෙළිකළ යුතුයි..

ජාත්‍යන්තර අධිකරණයක්‌ ඉදිරියේ සාක්‌ෂි දීමට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වන්නේ නම් ද්‍රවිඩ සන්ධානය ඔහු සමඟ එක්‌ව කටයුතු කරන බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා යාපනයේ පළවන උදයන් පුවත්පත වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත.

විපතට පත්වූ ද්‍රවිඩ ජාතිකයන්ට යුක්‌තිය ඉටුකිරීමට ෆොන්සේකා මහතා ඉදිරියට පැමිණ ඇත්ත හෙළිකළ යුතු බව ද ඔහු එමගින් කියා සිටී.