FAST NEWS

24×7 Around the Globe

ගම්මිරිස් සහතික මිල හේතුවෙන් නිෂ්පාදකයින් ගැටලුකාරී තත්වයක..

රජයේ සහතික මිලට ගම්මිරිස් අලෙවි කිරීමට නොහැකිවීමෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බව ගම්මිරිස් නිෂ්පාදකයින් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් 750ක සහතික මිලට ගම්මිරිස් අලෙවි කිරීම ප්‍රායෝගික කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබදව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමඟ යළි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.