ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනියක් වන ගෞරී ලංකේශ් මහත්මියව වෙඩි තබා ඝාතනය කර තිබේ.
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර්හි පිහිටි ඇයගේ නිවස ඉදිරිපිටදී ඊයේ (05) රාතී‍්‍ර 8ට පමණ මෙම ඝාතනය සිදුවී ඇත.
55 හැවිරිදි වියේ පසුවුණ ගෞරී ලංකේශ් හින්දු ජාතිකවාදී දේශපාලනය දැඩි ලෙස විවේචනය කළ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියකි.
ගෞරී ලංකේශ් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හා ඉන්ඩිපෙන්ඩන්ට් එක්ස්ප්‍රස් පුවත්පත්වලද සේවය කර ඇති අතර ඝාතනයට ලක් වන විට ඇය කර්ණාටක ප්‍රාන්තයේ සතිඅන්ත පුවත්පතක ප්‍රධාන කතුවරිය ලෙස කටයුතු කරමින් සිටියාය.









