පරිසර හිතකාමී ගමන් මල්ලක් හඳුන්වාදීම පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේදී සිදු කෙරුණි.
මෙහි විශේෂත්වය වන්නේ බඩු බාහිරාදිය ගෙනයාමෙන් පසු එය හකුලා පොකට්ටුවක් වශයෙන් සාක්කුවේ පවා තබාගෙන ගෙන යා හැකි වීමයි.
මෙය වසර 2ක කාලයක් පරිහරණය කිරීමෙන් පසු දිරාපත්වන ලෙස නිමවා තිබීමද විශේෂත්වයකි.
එසේම පරිසර හිතකාමි නව ගමන් මල්ල කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ මහතාට තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ යූ.පී.කේ.ඈපා මහතා විසින් පිළිගන්වන ලදී.











