බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප පළ කිරීම හේතුවෙන් ඇයටත් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුටත් සිදු වූ හානිය වෙනුවෙන් යුරෝ 100,000ක මුදලක් ගෙවන්නැයි ප්‍රංශ අධිකරණය ප්‍රංශ ප්‍රකට සඟරාවකට ඊයේ (05) නියෝග කර ඇති බව වාර්තා වේ.
සඟරාවේ කතෘ සහ හිමිකරු යුරෝ 45,000ක උපරිමයකට යටත්ව දඩ මුදල් ගෙවිය යුතු යැයි ප්‍රංශ අධිකරණය නියෝග කර ඇති බවත් විදෙස්ආරංචි මාර්ග පැවැසීය.
වරදකරු වී ඇති ‘ක්ලෝසර්’ නමැති ප්‍රංශ සඟරාව 2012 වසරේදී කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් කුමරියගේ උඩුවත් ඡායාරූප පෙළක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබිණි.









