FAST NEWS

24×7 Around the Globe

කකුලෙන් පැදෙව්වොත් වෙන දේ මෙන්න..

ඕමාන රාජ්‍ය තුල රිය ධාවනය කිරීමේදි අත් දෙක හැර පාද, දණහිස් සහ ශරීරයේ වෙන යම් කොටසක් භාවිතා කරමින් රිය ධාවනය කිරීම, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමේ වරදට නඩු පවරන බව ඕමාන් රාජකීය පොලීසිය නිවේදනය කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සමහර තරුණයින් ඔවුන්ගේ කාර් පාද වලින් ධාවනය කිරීමට පහසු වන ආකාරයෙන් රියදුරු අසුන් වෙනස් කරගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.

රියදුරු අසුන වෙනස් කර ඇත්තේ පාද වලින් රිය ධාවනය කරන අවස්ථාවේදි නිදාගැනීම, යහළුවන් සමඟ විනෝද ක්‍රීඩාවන් වල නිරත වීම, සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසීම සහ ජංගම දුරකථන භාවිතා කිරීම වැනි ක්‍රියාවන් වල නිරත වීමට බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)