FAST NEWS

24×7 Around the Globe

වියලි හාල්මැස්සන් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කෙරේ..

ආනයනික වියලි හාල්මැස්සන් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ වනවිට නිකුත් කර ඇති අතර, එම අධිකාරීයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ජීවන වියදම් කමිටුව කළ දැනුම්දීමකට අනුව උපරිම සිල්ලර මිල ඉවත් කළ බවයි.

ඒ අනුව තායිලන්තයෙන් ආනයනය කෙරෙන වියළි හාල්මැස්සන් කිලෝග්‍ර‍්‍රෑමයකට රුපියල් 490 ක් ලෙස සහ ඩුබායි රාජ්‍යයෙන් ආනයනය කරන වියළි හාල්මැස්සන් කිලෝග්‍රෑමයකට රුපියල් 405 ක් ලෙස පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.