FAST NEWS

24×7 Around the Globe

ස්වාමියා නිදා සිටිද්දී රහසඟ ප්‍රදේශය කපලා.. හේතුව මෙන්න..

තම 54 හැවිරිදි ස්වාමිපුරුෂයා නිදා සිටින අවස්ථාවේදී රහසඟ ප්‍රදේශය කපා වැසිකිලි පොච්චියකට දැමූ කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

දකුණු කොරියාවේ යෝෂු නගරයේ නිවසක මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වන අතර සිදුවීම සම්බන්ධයෙන් දැනගත් අසල්වාසියෙක් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර පසුව සැකකාර 50 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට පත් සැකකාර බිරිඳ පොලිසියට පවසා ඇත්තේ ස්වාමිපුරුෂයා තමන්ට නිරන්තරයෙන් හිරිහැර සිදුකරන බැවින් එය ඉවසා ගත නොහැකිව මෙලෙස ඔහුගේ රහසඟ ප්‍රදේශය කතුරකින් කපා දැමු බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ සිදුවීම සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.