FAST NEWS

24×7 Around the Globe

විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක්..

ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ගබ්සාව නීතිගත කිරීම සදහා වූ බලපාන කරුණු 02 ක් එම සැසිවාරයේ දී යෝජනා කර ඇති අතර කාන්තාවන් බලහත්කාරයෙන් දුෂණයට ලක්වීම සහ ළදරු කළලය කිසියම් රෝගයකට ගොදුරුව විකෘති මිනිසෙකු මෙලොවට බිහිවීම එම කරුණු 02 වෙයි.

එම කරුණූ දෙක සැළකිල්ලට ගනිමින් ගබිසාව තීතිගත කළ යුතු බව ශ්‍රී ලංකා පරාජන්ම සංගමය යෝජනා කළ ද එම යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් ලැබී නොමැත.

එම යෝජනා ලැබුනු පසු අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක් බවත්, එම නිසා ජීවිත කාලයම දුක්විදීමට සිදුවන බවත්, එබැවින් විකෘති ළදරු කළල මුල සිටම හදුනා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.